Pages



පුලුවන් තරම් සරලම විදිඅහට කිව්වොත් Twitter කියන්නෙ පොඩි පොඩි වාක්‍ය ගහන්න පුලුවන් ස්යිට් එකක්. Twitter වෙබ් සයිට් එකට ගිහින් අපි ඉස්සෙල්ලාම ඒකට බැඳෙන්න ඕනි.

Sign Up බොත්තම ඔබා , ඔබේ නම , user name එක වැනි පොඩි තොරතුරු ටිකක් දීල විනාඩි 2 ක 3 ක් ඇතුලත ඔයාටල twitter එකට බැඳෙන්න පුලුවන්. මතාක් කරල user name එකට ලේසියෙන් මතක හිටින , වැඩිය දිග නැති නමක් දෙන්න. මොකද කාට හරි ඔයාව ෆලෝ ( පස්සෙ දැන ගමු , ෆලෝ කරනව කියන්නෙ මොකක්ද කියල ) ඕනි නම් දෙන්න වෙන්නෙ ඒ නම නිසා .. අන්තිමට create my account ඔබා sign up වීම අවසන් කරන්න.

 ඊලඟ පියවරට කලින් ඔය ගොල්ලො දැන ගන්න ඕනි ෆලෝව් කරනව කියන්නෙ මොකටද කියල. ෆලෝව් කරනව කියන්නේ ( දැනට twitter එකෙදි නම් ) කෙනෙක් ලියන දේ ඔයාලටත් පේන එක. උදාහරනයක් විදිහට ඔයාල මාව ෆලෝ කරනවා [ twitter.com\dragondilshan ] කියල හිතමු. ඒතකොට මම ට්වීට් කරන ( මම ලියන ) දේවල් ඔයාලටත් දකින්න පුලුවන්. ඔයාල ලියන දේවල් මට දකින්න ඕනි නම් මම ඔයාලව ෆලෝ කරන්න ඕනි. දැන් ඔයාලට ෆලෝ කරනව කියන එක ගැන රලු අදහසක් හරි එන්න ඇති නෙ.

 ඊ ලඟට එන්නෙ ෆලෝ කරන්න ඕනි අය තෝරා ගන්න තැනටයි. ෆලෝව් කිරීම ඒතරම් තේරුනේ නැත්නම් මේ පියවර මග හරින්න. නැත්නම් ආපු පිටුවෙන් ෆලෝව් කරන්න කැමති කෙනෙක් කාණ්ඩයකින් තෝරාගන්න. ඒට පස්සෙ Next step ඔබන්න. මෙතනින් ඔයලගෙ ඊමේල් ලිපිනයෙන් ට්වීට් කරන අය හොයා ගන්න පුලුවන්. කැමතිනම් හොයන්න නැතනම් Next step ම ඔබන්න.දැන් අන්තිමට , Next step. you are done. ඔබන්න.
දැන ඔබේ ඊමේල් ලිපිනයට ගොස් සනාඨ කිරීමේ ඊමේලය ක්ලික් කරන්න.

 ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ ට්වීට් කරන එක තමා. අපි ට්වීට් එකක් කියන්නෙ උපරිම වචන 140 කට සීමාවූ පොඩි අදහස් ප්‍රකාශ කිරීමක්. ඇත්තම කිව්වොත් ස්පෑම් ( තමන්ගේ වෙබ් අඩවි වැනි දෑ අනිත් අයට කරදරක් වන අයුරින් පල කිරීම ) කිරීමට උනත් අපිට Twitter යොදාගන්න පුලුවන්.

තමන්ගෙ බ්ලොග් එකෙ , වෙබ් සයිට් එකෙ අප්ඩේට් , තමන්ට වෙච්ච දෙයක් , ඕනිම දෙයක් ගහල ට්වීට් කරන්න.
හැබයි ඉතින් අනිත් අයට ඇනයක් වෙන්න ස්පෑම් කරන්න එපා.

දැන් ඉතින් ගිහින් ට්වීට් කරන්න.
සමහර වෙලාවල් වලට අපිට ඕනි වෙනවා අපේ මොකක් හරි ෆයිල් එකක් කාට හරි දෙන්න . එහෙමත් නැත්නම් වෙනින් කාට හරි ගන්න පුලුවන් වෙන්න වෙබ් සයිට් එකකට දාන්න ( upload කරන්න ). මේ වගේ වැඩ වලට ගොඩාක් වෙබ් සයිට් තියෙනව අනිත් අයට තමන්ගේ ෆයිල්ස් upload කරන්න ඉඩ ලබාදෙන.



rapidshare  , mediafire , megaupload කියන්නේ ඒවායින් සමහරක්. සල්ලි දීල මොකක් හරි upload කරන්න ඕනි නම් හොඳම සයිට් එකක් තමා rapidshare . ඒත් අපි ගොඩක් අය කැමති නොමිලේම ඔය වැඩේ කරගන්න තිබ්බ නම් , rapidshare හොඳ උනත් නොමිලේ files upload කරන අයට නම් වැඩිය කැමති නෑ. මොකද ඒ ගොල්ලො නොමිලේ upload කරන අයට ගොඩක් පහසුකම් නැති කරල තියෙන්නෙ.

නොමිලේ , ඉක්මනට , ලේසියෙන් සහ ගොඩාක් options සහිතව ෆයිල් එකක් upload කර ගන්න ඕනි නම් හොඳම සයිට් එක තමා mediafire.

අපි එහෙනම් දැන් බලමු mediafire වලට ෆයිල් එකක් upload කර ගන්නෙ කොහොමද කියල.


1. www.mediafire.com වෙත යන්න.  Upload to mediaFire බොත්තම  ඔබන්න.

 


2. Upload කිරීමට අවශ‍ය දෑ තෝරාගැනීමට Upload your files ඔබන්න ( 1 )



3. දැන් එන pop up කොටුවෙන් upload කිරීමට අවශ්‍ය file තෝරා Open ඔබන්න.


 
4. දැන් පහත ආකාරයේ කොටුවක් ඔබට දිස්වේවි.


( 1 ) = upload කරන ලද ෆයිලයේ නම
( 2 ) = තවත් ෆයිල් ඇතුල් කිරීමට
( 3 ) = upload කිරීමට දෙන ලද ෆයිලයක් ඉවත් කිරීමට
( 4 ) = upload කිරීම ආරම්ඹ කිරීමට

5.අවශ්‍ය ෆයිල් / ෆයිල්ස් තෝරා Begin Uploading Files එබීමේන් පසු මෙවන් වින්ඩොවක් ඔබට දිස් වේවි.


6. Upload වීම අවසන් වීමෙන් පසු ( ඔබ භාවිතා කරන්නේ ADSL 512 kbps සම්ඹන්ධතාවයක් නම් , upload වීමේ වේගට  2 Kbps- 10 Kbps අතර පවතී. ) මෙවැනි වින්ඩොවක් ඔබට දිස්වේ. 



( 1 ) දැන් Go to My Files ඔබන්න

7.දැන් හරි


 
( 1 ) ඔබේ ෆයිලය download කර ගැනීමට භාවිතා වන ලින්ක් එක. ඔබට ඔබ downlaod කරන ලද ෆයිලය යහලුවෙකුට දීමට අවශ‍ය නම් මෙම ලින්කය දීම ප්‍රමානවත්ය. එවිට ඔහුට / ඇයට මෙම ලින්ක් එකෙ සඳහන් වෙබ් පිටුවට ගොස් download කිරීමට ආරම්ඹ කල හැක.

( 2 ) මේය පෙර ලින්ක් එක මෙන් නොව downlaod කිරීමට ඇති ෆයිලයේ නමද සඳහන් වන ලින්ක් එකකි.

( 3 ) මෙම options භාවිතයෙන් ඔබේ facebook , twitter වැනි ගිනුමක් හරහා ඔබ upload කරන ලද ෆයිලයේ ලින්ක් එක බෙදා හැරිය හැක.

( 4 ) මෙය භාවිතයෙන් ඔබට ඔබේ වෙබ් / බ්ලොග් අඩවියට , download කිරීමට අවශ්‍ය ලින්ක් එක ගත හැක.




ෆයිලයක් mediafire වෙත upload කිරීමේදි වැදගත් කරුනු
1.අපගේ ( ලන්කාවේ ) සාමන්‍ය upload වේගය ඉතා අඩු නිසා ෆයිලයේ size එක මත upload වීමට යන කාලය තීරනය විය යුතුය.

2.upload කරන අතරතුර ඔබගේ අන්තර්ජාල  සම්ඹන්දතාවය බිඳ වැටුනොත් ඔබට ෆයිලය upload කිරීම මුල සිට කිරීමට සිදු වන ඇත.

3.100 Mb ට වඩා size එකෙන් වැඩි ෆයිල්ස් upload කිරීමෙන් වලකින්න.